About

අපගේ කතාව

35 වසරක අභිමානවත් සුසිත සුවසෙත අ‍පේ කතාව.

ඉතා කුඩා දරුවන් පිරිසකගෙන් ඇරඹි අපගේ ගමන් මග, අද වන විට දරුවන්ට ආදරය, රැකවරණය සහ අධ්‍යාපනය ලබා දෙමින් මුළු මහත් ප්‍රජාවටම ශක්තියක් වන පුණ්‍ය ආයතනයක් බවට පත්ව ඇත.
1990

සර්වෝදය දර්ශනයේ ආරම්භය

1990 වර්ෂයේදී සර්වෝදය සංගමයේ උතුම් දර්ශනය පෙරදැරිව, විශේෂ අවශයතා සහිත දරුවන් සමාජගත කිරීමේ උදාර අරමුණින් දරුවන් 5 දෙනෙකු සහ ගුරුවරුන් 2 දෙපලකගෙන් මෙම පාසල ආරම්භ කරන ලදී. ඉතා අඩු පහසුකම් යටතේ සීමිත ඉඩකඩක පාසල පවත්වාගෙන ‍යනු ලැබිණි.

1993

රාජ්‍ය අනුමැතිය

අධ්‍යාපන අමාත්‍යංශයේ විශේෂ අධ්‍යාපන ඒකකයේ රජයේ අනුමත උපකෘත පාසලක් ලෙස 1993.01.01 දින ගැසට් කරන ලදී. එතැන් පටන් අපි රජයේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වෙමු.

අද

වර්තමානයේ අපි

අතීතයේ පැවති දුෂ්කරතා සහ ගැටලුවලට සමුදෙමින්, 2019 වර්ෂයේ ජපන් රජයෙන් ලද රුපියල් මිලියන 22ක මූල්‍යමය දායකත්වය යටතේ; මහල් දෙකකින් සහ පන්ති කාමර 12කින් සමන්විත නව පාසල් ගොඩනැගිල්ලක් අපට ලැබිණි. අංගසම්පූර්ණ ගෘහ විද්‍යාගාරයක්, පරිගණක ඒකකයක් සහ නවීන වැසිකිලි පද්ධතියක් ඇතුළු සියලුම පහසුකම්වලින් මෙය සමන්විත වේ. මේ වන විට විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 80කට වැඩි පිරිසක් මෙහි අධ්‍යාපනය ලබන අතර, ගුරු භවතුන් 12 දෙනෙකු සේවයෙහි නියැලෙයි.

japan
JP ජපන් රජයෙන් ලැබුණු අගනා දායාදය
2019 වසරේදී ජපන් රජය මගින් පිරිනැමූ රුපියල් මිලියන 22ක සුවිශේෂී මූල්‍ය පරිත්‍යාගය හේතුවෙන්, අප පාසලට නවීන පහසුකම් සහිත මෙම දෙමහල් ගොඩනැගිල්ල හිමි විය. එය අපගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ලැබුණු වටිනාම ආයෝජනයකි.
35+ වසරක සේවය
100% නොමිලේ අධ්‍යාපනය
devika

Principal's Message

සෑම දරුවෙකුටම ආදරය, රැකවරණය සහ සමාන අයිතිවාසිකම් හිමි විය යුතු බව මාගේ විශ්වාසයයි. ගම්පහ සුසිත සුවසෙත විශේෂ පාසල යනු හුදෙක් අධ්‍යාපන ආයතනයක් පමණක් නොව, සෙනෙහසේ නවාතැනකි. මෙහි පියනගන සෑම දරුවෙකු තුළම සැඟවුණු දක්ෂතාවයක් ඇත. අපගේ වගකීම වන්නේ ආදරය සහ ඉවසීම පෙරදැරිව එම දක්ෂතා ඔප්නැංවීමයි.
කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව, ඉතාමත් දුෂ්කරතා මැද වුවද අප මේ ගෙන යන වැඩපිළිවෙලට ශක්තියක් වන මගේ ආදරණීය ගුරු මණ්ඩලයටත්, අපට නිරන්තරයෙන් අතහිත දෙන පරිත්‍යාගශීලීන්ටත් මාගේ හදපිරි ස්තුතිය පුද කර සිටිමි. මේ දරුවන්ගේ ලෝකය දිනවන්නට අප හා එක්වන ලෙස ඔබටත් ගෞරවයෙන් ආරාධනා කරමි.
කේ. එච්. දේවිිකා ප්‍රියංගනී ජයසිරි මැතිණිය
Principal

අපට ශක්තියක් වන නියමුවන්

මෙම උතුම් සත්කාරය ඉදිරියට ගෙන යාමට නිවැරදි නායකත්වය ලබාදෙන පාලක මණ්ඩලය සහ දරුවන්ගේ දෑස් පාදන ආදරණීය ගුරු මණ්ඩලයයි මේ.

priyantha

ආර්. කේ. ප්‍රියන්ත රත්නායක මැතිතුමා

ගරු සභාපති (Honourable Chairman)<br>

placeholder

මුදිතා ගුණවර්ධන මැතිණිය

ගරු ලේකම් (Honourable Secretary)

priyanthi

ආර්. එම්. කේ. ප්‍රියන්ති රාජපක්ෂ මැතිණිය

ගරු භාණ්ඩාගාරික (Honourable Treasurer)

meththananda

මෙත්තානන්ද ධර්මරත්න මැතිතුමා

ගරු කළමනාකාර අධ්‍යක්ෂක (විශ්‍රාමික ජ්‍යේෂ්ඨ පුහුණු නිලධාරී, සාම ශ්‍රී කලාපති, දේශ කීර්ති, දේශ බන්දු, ලංකා පුත්‍ර සහ සමස්ත ලංකා සාම විනිසුරු)

devika

කේ. එච්. දේවිිකා ප්‍රියංගනී ජයසිරි මැතිණිය

විදුහල්පතිනි (Principal)

nalika

එල්. එච්. නාලිකා සුදර්ශනී ලෙල්වල මැතිණිය

උප විදුහල්පතිනි (Vice Principal)

ඔබේ දයාබර දායකත්වය ඔවුන්ගේ ලෝකය ආලෝකවත් කරයි.

අප මෙම දරුවන් වෙනුවෙන් අධ්‍යාපනය සහ රැකවරණය ලබා දෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලයේයි. මෙම උතුම් සත්කාරය අඛණ්ඩව පවත්වාගෙන යාමට ඔබේ දායකත්වය අපට මහත් ශක්තියකි.
Bank Transfer

Bank Name

Bank of Ceylon

Branch

Gampaha Branch

Account Name

Susitha Suwasetha Special School

Please send us the receipt after deposit.